25 November 2024


ලොව වැඩිම වැඩිහිටි ජනගහනය ජපානයෙන්



ලොව වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සිටින රට බවට ජපානය පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන සංඛ්‍යා ලේඛනයට අනුව හෙළි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ජනගහනයෙන් තිදෙනෙක්ගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි බව හඳුනාගෙන තිබෙන බවයි.

මේ අතර එරට වයස අවුරුදු 18ට වැඩි පිරිස අඩු බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව 2030 වසර පමණ වන විට ජපානයේ වැඩ කරන ජනගහනය හරි අඩකින් පමණ අඩු වීමට ඉඩ තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)