29 January 2026

logo

කමලා හැරිස්ගේ වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කරයි



ඇමරිකානු උප ජනාධිපති, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් සිය වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවති විවාදයකදී කමලා හැරිස්ට ජනාධිපතිවරණයට තරග කිරීමට නිසි සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවට සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කමලා හැරිස් ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාවල එවැනි සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවයි.

(colombotimes.lk)