11 August 2025

logo

කමලා හැරිස්ට බහුතරයකගේ සහයෝගය හිමි වෙයි



ජනාධිපති අපේක්ෂකයා වීමට ඩිමොක්‍රටික් නියෝජිතයින් බහුතරයකගේ සහයෝගය කමලා හැරිස්ට හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිදුකරන ලද සමීක්ෂණයකින් පසු පළමු වටයේ ඡන්ද විමසීමේදී නාමයෝජනා දිනා ගැනීමට අවශ්‍ය නියෝජිතයින් 1,976කට වඩා වැඩි පිරිසකගේ අනුමැතිය ඇයට ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කමලා හැරිස් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තරග වැදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

(colombotimes.lk)