29 January 2026

logo

චාල්ස් රජු ඕස්ට්‍රේලියාවේ සංචාරයක



චාල්ස් රජු සහ කැමිලා රැජිණ ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර සංචාරයක නිරත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකාවක් වැළඳීමෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය මෙය බවයි.

සංචාරය අතරතුර ඔවුන් ඕස්ට්‍රේලියානු යුධ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපාහාර දැක්වීමට හා මහජන නියෝජිතයන් හමුවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනිවල බලපෑම් පාලනය සඳහා නිර්මාණය කර ඇති ජාතික ලැව්ගිනි පාලන පර්යේෂණ රසායනාගාරය නැරඹීමටද සූදානම් බවයි.

(colombotimes.lk)