17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඡන්දය දෙන්න නිවාඩු නොදෙන ආයතනවලට එරෙහිව නීතිමය පියවර



ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ප්‍රමාණවත් නිවාඩු ලබා නොදෙන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ සේවකයන්ට ප්‍රමාණවත් නිවාඩු ලබා නොදීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැකි බවයි.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අතර සේවකයන්ට තම ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නිවාඩු ලැබෙන බවට ආයතන ප්‍රධානියා සහතික විය යුතු බව ඔහු කියා සිටියා.

(colombotimes.lk)