17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි



අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ (25) හැටන් අජන්තා පෞද්ගලික උත්සව ශාලාවේදී එළිදක්වනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම සන්ධානයයේ විධායක සභික සහ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් වතුකරයෙන් අරගලයට සහය දැක්වූ සාමාජිකයන් වෙත පිරිනැමූ බවයි.   

මේ සඳහා අරගල සන්ධානයේ විධායක සභික ලහිරු වීරසේකර ඇතුළු අරගලයට සහය දැක්‌වූ වතුකරයේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියා.

(colombotimes.lk)