29 January 2026

logo

ඊශ්‍රායල - ගාසාහි යුද ගැටුම් නවතන ලෙස ඉල්ලා රටවල් රැසක් පාරට බසියි



ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කරන යුද ගැටුම් වහාම නතර කරන ලෙස ඉල්ලමින් ලොව පුරා රටවල් රැසක මේ වන විට විරෝධතා ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලන්ඩන් නුවර 40,000ක් පමණ පිරිසක් රැස් වී විරෝධතා දියත් කර ඇති බවයි.

එමෙන්ම පැරීසිය, රෝමය, මැනිලා, කේප් ටවුන් සහ නිව්යෝර්ක් යන නගරවලද විරෝධතා සංවිධානය කර තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් 07 වනදා ආරම්භ වූ මෙම යුධ වාතාවරණයට හෙට (07) දිනට වසරක්.

(colombotimes.lk)