23 November 2024


සමගි ජන සන්ධානයේ සහයට තවත් පක්ෂ රැසක්



සමගි ජන සන්ධානයට අද (13) තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

ඒ, සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහායි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවයි.

එමෙන්ම ඉදිරියේදීද තවත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමගි ජන සන්ධානයට එක් වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)