10 January 2026

logo

මොණරාගල තැපැල් ඡන්ද අයදුම්පත් 939ක් ප්‍රතික්ෂේප වෙයි



මොණරාගල දිස්ත්‍රික්කයේ ස්ථීරව පදිංචි ඡන්ද දායකයන් 24,797 දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

තැපැල් මඟින් ඡන්දය ප්‍රකාශය කිරීම සඳහා ඡන්ද දායකයන් 25,736ක් අයදුම් කර ඇති අතර එයින් ඉල්ලුම්පත් 939ක් විවිධ අඩුපාඩුකම් හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 399,166 දෙනෙක් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

 
(colombotimes.lk)