11 January 2026

logo

රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි ආකාරය නාමල් කියයි



රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ සිය ආණ්ඩුවක් තුළ රටේ ග්‍රාමීය ජනතාවගේ අතට මුදල් ලැබෙන ආකාරයට ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට තමන් සූදානම් බවයි.

කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

 
(colombotimes.lk)