22 July 2025

logo

අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉහළ නංවන ක්‍රමය නාමල් කියයි



ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බද්ද සහ උපයන විට ගෙවන බද්ද ක්‍රමානුකූලව සංශෝධනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ රේගු, දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු නිවැරැදි කර ගැනීමෙන් අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉහළ නංවන බවයි.

එමෙන්ම මහජනතාවට දැඩි බරක් වී තිබෙන බදු අඩු කිරීමෙන් ජීවන වියදම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් මහජනතාවට කළමනාකරණය කළ හැකි මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)