11 January 2026

logo

නාමල් දැක්ම දැනුවත් කිරීම හෙටින් අරඹයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හෙට (07) උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22හි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13,268 නියෝජනය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)