19 April 2025

INTERNATIONAL
POLITICAL


මිනිස් මොළයට බලපෑම් කරන නව වෛරසයක් හඳුනා ගනියි



මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිණිතුල්ලන් මඟින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය 'වෙට්ලන්ඩ් වෛරසය' ලෙස විද්‍යාඥයන් විසින් හඳුන්වාදී තිබෙන බවයි.

චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙක්ගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබෙන බවද  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

මෙම වෛරසය ආසාදනය වීමෙන් මිනිස් මොළය හා සම්බන්ධ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතින බව විද්‍යාඥයින් විසින්  සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)