23 November 2024


ඡන්ද මධ්‍යස්ථාන ගැන කොමිසමෙන් දැනුම්දීමක්



මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1,765,351දෙනෙක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් පිහිටුවන බවයි.
 
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1,881,129 දෙනෙක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 1,024,244 දෙනෙක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 735ක් පිහිටුවන බවයි.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සිටින මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 108ක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර මැතිවරණයේදී දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034 ක්‍රියත්මක වනවා.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)