11 August 2025

logo

පිලිපීනයට ඔබ්බෙන් මුහුදේ තෙල් නෞකාවක් පෙරළෙයි



කාර්මික ඉන්ධන ටොන් 1,500ක් රැගත් නෞකාවක් පිලිපීනයේ අගනුවරට ඔබ්බෙන් මුහුදේ පෙරළී ගොස් තෙල් කාන්දුවක් ඇති වූ බව බලධාරීන් පවසනවා.

පිලිපීන ධජය සහිත MT Terra Nova නෞකාවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු බේරාගෙන ඇති අතර එක් අයෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තෙල් කාන්දුවක් අනාවරණය වී ඇති නමුත් තද සුළං සහ අධික රළ හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමට බාධා එල්ල වී තිබෙන බව සඳහන්.

(colombotimes.lk)