15 June 2025


අධික උණුසුමෙන් පාකිස්ථානයේ 500කට දිවි අහිමි වෙයි



ගත වූ දින 06ක කාලය තුළ පාකිස්ථානයට  බලපා ඇති දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතැම් දිනවල එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 - 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මිය ගිය පිරිස වයස අවුරුදු 60 - 70 පසුවන පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)