19 April 2025

INTERNATIONAL
POLITICAL


පලස්තීන යුද ගැටුම් ළමුන් බොහෝ පිරිසකගේ පාසල් ගමන නවතයි



පලස්තීන ළමුන් 630,000ක් ඉක්ම වූ පිරිසකට ගාසා තීරයේ ක්‍රියාත්මක යුද්ධය හේතුවෙන් පාසල් අධ්‍යාපනය අහිමි වී ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව අධ්‍යන වර්ෂය වෙනුවෙන් අද (09) පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිතව සිටි සිසුන් සංඛ්‍යාව 58,000ක් බවයි.

යුද්ධය හේතුවෙන් සිසුන් 39,000කට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

පාසල් ගොඩනැගිලි 90ක් හානි වී ඇති අතර ළමුන් 25,000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන්. 

(colombotimes.lk)