10 January 2026

logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නව ජනපතිගේ අභිමතය පරිදි



ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52ත් 66ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නොමැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)