10 January 2026

logo

පොහොට්ටුවේ රජයෙන් සමෘද්ධිය සවිමත් කරනවා - නාමල්



තම රජයක් යටතේ සමෘද්ධි ව්‍යාපාරය සවිමත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ  පවසනවා.

ඔහු කියා සිටියේ රටේ ජනතාව දුප්පත්කමින් එළියට ගත හැකි වැඩපිළිවෙල තිබෙන්නේ සමෘද්ධි ව්‍යාපාරය තුළ බවයි.

එමෙන්ම සමෘද්ධිලාභියාව ව්‍යවසායකයෙක් බවට පත් කරන බවත් පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම කර්මාන්තයක්, කර්මාන්තයකට ආයෝජනය කළ හැකි අවකාශයක් නිර්මාණය කරන බවත් ඔහු කියා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ඊයේ (26) පැවති රැස්වීමකට එක්වෙමින්.

(colombotimes.lk)