22 July 2025

logo

තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට ඇරඹේ



එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ අවස්ථාව හෙට හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

ත්‍රිවිධ හමුදා සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවන්නේ සැප්තැම්බර් 05 සහ 06 යන දෙදින තුළයි.

ඒ අනුව අදාළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවෙනවා.


(colombotimes.lk)