02 April 2025

INTERNATIONAL
POLITICAL


දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්



2024 ජනාධිපතිවරණයට අදාළව දෙවන දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව අද (05) ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලයට තම තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

එමෙන්ම තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 712,319ක් සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙනවා.

(colombotimes.lk)