11 January 2026

logo

දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි



2024 ජනාධිපතිවරණය සඳහා ඡන්ද දායකයන් හට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට පසුගිය 04, 05 යන දිනයන්වල සහ අද (06) දිනයේදී කාලය හිමි වුණා.      
 
නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා කියා සිටියේ ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවති බවයි.  

මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර තිබෙන බව අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)