17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


සිය ආණ්ඩුවක් යටතේ ජාතිවාදයට ඉඩක් නැහැ - අනුර



සිය ආණ්ඩුවක් යටතේ රට තුළ ජාතිවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය රජයන් විසින් ජාතිවාදය අවුස්සා සිය දේශපාලන උවමනාවන් ඉටු කරගැනීමට කටයුතු කළ බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක තමන්ගේ දේශපාලනයට ජාතිවාදය භාවිතා නොකරපු එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවයි.

කින්නියා ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

 
(colombotimes.lk)