10 January 2026

logo

කාන්තාවන් වෙනුවෙන් අනුරගෙන් රැලියක්



ගැහැණු බලය එක මිටකට - හෙට වෙනුවෙන් රට අනුරට, කාන්තා රැලිය මේ වනවිට කොළඹ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන්.

මේ සඳහා ජාතික ජන බලවේගයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ නීතිඥ සංගමයේ ක්‍රියාකාරිනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි, ජනප්‍රිය නළු නිළියන් සහ සමගි ජන බලවේගය සඳහා සහාය දක්වන කාන්තාවන් ඇතුළු විශාල පිරිසක්ව එක්ව සිටියා.

 
(colombotimes.lk)