10 January 2026

logo

ජනතාවගේ දුප්පත්කම නැති කිරීම තම ප්‍රතිපත්තිය නොවන බව රනිල් කියයි



ජනතාවගේ දුප්පත්කම නැති කිරීම නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීමට සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දුප්පත් ගම්මාන වෙනුවට පොහොසත් ගම්මාන ඉදිරි දශකය තුළ ඇති කරමින් රජ රට ප්‍රදේශයේ පැවති අතීත සශ්‍රිකත්වය නැවත එම ප්‍රදේශයට ගෙන එන බවයි.

(colombotimes.lk)