17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


තමා පොරොන්දු ඉටු කරන නායකයෙක් බව රනිල් කියයි



තමා පොරොන්දු ලබාදී බලා සිටින නායකයෙක් නොව පොරොන්දු ඉටු කරන නායකයෙක් බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) පැල්මඩුල්ලේ පැවති ජන රැලියට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජීවන බර අඩු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම, අපනයන ආර්ථිකයක් බිහි කිරීම, උරුමය සහ අස්වැසුම ආරක්ෂා කිරීම ඔහුගේ එකම අරමුණ බවයි.

(colombotimes.lk)