22 July 2025

logo

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන හේතුව රනිල් කියයි



තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැගූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරයකට ගෙන ඒමට බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර 5ක කාලයක් පමණක් බවයි.

එමෙන්ම පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බවද ඔහු කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ වව්නියාව ප්‍රදේශයේ අද (01) පැවති ජන රැළියකට එක් වෙමින්.

(colombotimes.lk)