22 July 2025

logo

උතුරේ තරුණ ශක්තිය සවිබල ගැන්වීමට සූදානම් - සජිත්



උතුරු නැගෙනහිර ඉලක්ක කර ගනිමින් සාමයේ ආර්ථික ප්‍රතිලාභ රට පුරා විහිදී යන වැඩසටහනක් තම පාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුරේ තරුණ ශක්තිය රටේ ශක්තිය බවට පත් කරමින් තරුණයන් සවිබල ගන්වන බවයි.

පසුගියදා යාපනයේ ගොවීන් සහ ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)