පෞද්ගලික වරප්‍රසාද ලබාදීමේ පොරොන්දු මත කිසිදු මන්ත්‍රීවරයෙක් තම පක්ෂයට සම්බන්ධ කර නොගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු කියා සිටියේ සමගි ජන බලවේග රජයක් යටතේ පක්ෂ මාරු කරන දේශපාලනයට තිත තබන බවයි.
පසුගියදා නාච්චිදූව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)