11 August 2025

logo

පිලිපීනයේ ලුසොන් දූපතේ පාසල් වැසෙයි



ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ලුසොන් දූපතේ රජයේ ආයතන හා පාසල් වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ප්‍රධාන දූපත වන ලුසොන්හි නැගෙනහිර වෙරළට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට තද සුළං හා තද වැසි පිළිබද අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැයට කිලෝමීටර් 85ක වේගයෙන් එම සුළඟ හමන බවයි.

(colombotimes.lk)