11 August 2025

logo

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර රැසක්



ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කරමින් හිස්බුල්ලා සටන්කාමීන් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරවලින් හමුදා සෙබළුන් 4 දෙනෙක් මියගොස් ඇති අතර 61 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ගත වූ පැය 24ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන වැසියන් 51 දෙනෙක්ද මිය ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ වහාම ඊශ්‍රායල ප්‍රහාර නතර නොකළහොත්, කලාපීය යුද්ධයක් ඇති වීම නොවැළැක්විය හැකි බවයි.

(colombotimes.lk)