11 August 2025

logo

ෂාරුක් ඉන්දීය කෝටි 92ක් බදු ගෙවයි



2024 මුල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු ගෙවූ කීර්තිමත් පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානයට ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දීය රුපියල් කෝටි 92ක බදු මුදලක් ගෙවා තිබෙන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 310ක් වන බව සඳහන්.

එහි 2 වන ස්ථානය කොලිවුඩයේ සුපිරි නළු විජෙයි හිමි කරගෙන ඇති අතර ඔහු ගෙවා ඇති බදු මුදල දැක්වෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 80ක් ලෙසයි.

එමෙන්ම ඉන්දීය රුපියල් කොටි 75ක බදු මුදලක් ගෙවූ සල්මන් ඛාන් එහි 3 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

(colombotimes.lk)