17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ලංකා කම්කරු පෙරමුණේ සහය ජනපතිට



ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහ වෘත්තීය සමිති එකමුතුවේ සහය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට ලබා දෙන බව ලංකා කම්කරු පෙරමුණේ මහලේකම් සුප්පයියා සදාසිවම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) නුවරඑළියේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

වසර 2කට පෙර රට වැටී තිබූ අගාධයෙන් ගොඩගන්නට හැකි වුණේ වත්මන් ජනාධිපතිවරයාට බවත් බලවත් රටවල්වල උපකාරද ලබාගෙන රට ස්ථාවර කිරීමේ හැකියාවක් අනෙක් නායකයන්ගෙන් නොපෙනෙන බවත් ඔහු කියා සිටියා.

(colombotimes.lk)