29 January 2026

logo

තලෙයිබාන් පාලනයෙන් කාන්තාවන්ට නව නීති සමුදායක්



ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් නව නීති සමුදායක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රසිද්ධියේ ගායනා කිරීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම් කර ඇති බවයි.

එමෙන්ම කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම මුස්ලිම් නොවන ප්‍රජාව ඉදිරියේදීත් ශරීරය සහ මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ඇඳුම් පැළදිය යුතු වනවා.

(colombotimes.lk)