19 April 2025

INTERNATIONAL
POLITICAL


පුද්ගලයෙක්ට දිවිඅහිමි වූ දිල්ලි ගුවන් තොටුපොළේ බිහිසුණු අනතුර



ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වහලයේ කොටසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.

කඩා වැටුණු වහලයේ කොටස් අතර පුද්ගලයින් 08 දෙනෙකු සිරවී ඇති අතර, ඔවුන්ව ඉන් මුදවාගෙන රෝහල් ගත කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සිරවූ එක් පුද්ගලයෙකුව ඉවතට ගන්නා විටත් මරණයට පත්ව සිටි බවයි.

අද උදෑසන ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව නිසා මෙලෙස වහලයේ කොටසක් කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර සිටියා.  .

කෙසේ වෙතත් නැවත දැනුම් දෙන තුරු ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පර්යන්ත අංක 01හි මෙහෙයුම් අත්හිටුවා ඇති බව ගුවන් තොටුපොළ බලධාරීන් පවසනවා.


(colombotimes.lk)