22 July 2025

logo

පස් අවුරුදු මෙහෙයුම ගැන ජනපති කියයි



එළඹෙන ජනපතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්වූවා.

ඒ 'රනිල් සමඟ රට දිනවන වසර පහක්' යන තේමාව යටතේයී.

ජීවන වියදම අඩු කරන, නව රැකියා හා ඉහළ වැටුප් හිමිවන, බදු සහන ලබාදෙන, ආර්ථිකය ප්‍රවර්ධනය කරන හා සෑම පුරවැසියෙකුටම ඉඩමක් හෝ නිවසක් හිමිකර දෙන වැඩපිළිවෙලක් මෙහි ඇතුළත් කර ඇති බව ජනපතිවරයා එහිදී සඳහන් කළා.

මේ සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ ප්‍රමුඛ මැති ඇමතිවරුන්, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

(colombotimes.lk)