02 April 2025

INTERNATIONAL
POLITICAL


මහ මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ තුන්වන දිනය අදයි



මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයන්ට අද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

(colombotimes.lk)