22 July 2025

logo

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි



එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම ඊයේ (04) ආරම්භ කෙරුණා.

ඊට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (05) පැවැත්වෙනවා.  

ත්‍රිවිධ හමුදා සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (05) සහ හෙට (06) යන දිනයන්වල අවස්ථාව හිමිවනවා.

ඒ අනුව පෙර සඳහන් කළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 712,319ක් සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)