11 January 2026

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමට හෙට විශේෂ දිනයක්



මෙවර ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම සඳහා හෙට (08) විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ලබන 11,12,13 සහ 14 යන දිනවලදීද එම ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි.

(colombotimes.lk)