10 January 2026

logo

ඇල්පිටියේ නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වෙයි



ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධාරිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ ඩබ්ලිව්. වී. ජගත් පුෂ්පකුමාර විසින් ඇප තැන්පත් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ කිතුල්ගොඩගේ චාමින්ද ප්‍රසාද් උදය කුමාර ඇප තැන්පත් කළ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයයි.

මේ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ කණ්ඩායම් 09ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණයි.



(colombotimes.lk)