11 August 2025

logo

පිලිපීනයට සුළි කුණාටු තත්ත්වයක් - පාසල් සහ රාජ්‍ය ආයතන වැසීමට පියවර



පිලිපීනයේ උතුරුදිග ප්‍රදේශයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1,000කට අධික සංඛ්‍යාවක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සහ රාජ්‍ය ආයතන වසා තැබීමට පියවර ගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

මෙහිදී මැනිලා නුවර ඇතුළු වෙරළබඩ ප්‍රදේශවලට ඉදිරි කාලයේදී පැයට කිලෝමීටර් 90ක් දක්වා තද සුළං ඇති විය හැකි බවත් කඳුකර ප්‍රදේශවලට නායයෑමේ අවදානමක් ප්‍රකාශය පත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා

 
(colomobtimes.lk)