11 August 2025

logo

ට්‍රෑමි සුළි කුණාටුව පිලිපීනයේ ජීවිත 26ක් බිලි ගනියි



මේ වන විට පිලිපීනයට බලපා තිබෙන ට්‍රෑමි සුළි කුණාටුවෙන් පුද්ගලයන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 150,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.

එමෙන්ම මේ වන විට පිලිපීනයේ කෝඩිලෙරා හී කඳුකර ප්‍රදේශයට සුළි කුණාටුව ගමන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)