02 June 2025


ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව එහි සඳහන්. 
 
පහත නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
(colombotimes.lk)
May be an illustration of map and text