11 August 2025

logo

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ප්‍රවේසමෙන් - ඇමරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්



එළඹෙන 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ඇමරිකානු රජය සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපතිවරණ කාලසීමාවේ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම පළාත් පාලන ආයතන මඟින් නිකුත් කරන උපදෙස් පිළිබඳ අවධානය යොමු කරමින් ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.  

(colombotimes.lk)