10 November 2025

logo
INTERNATIONAL
POLITICAL


මාලිමාව ජය ගතහොත් පාර්ලිමේන්තුව විසුරුවයිද? - අනුර කියන කතාව



ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත් නියමිත පරිදි ඔක්තෝබර් 8 වනදා පාර්ලිමේන්තුව නොකැඳවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් සැලසුම් කරන බවයි.

එළැඹෙන මැතිවරණයේදී ජාතික ජන බලවේගය අතිවිශාල බහුතරයක් ලබා ගන්නා බවට විශ්වාසය පළ කළ ඔහු මෙම ජනවරම මත පදනම්ව නව රජයක් පිහිටුවීමට කැපවන බවද කියා සිටියා.

ඒ මරදන්කඩවල ප්‍රදේශයේ ඊයේ (06) පැවති ජන රැළියක් අමතමින්.

(colombotimes.lk)