29 January 2026

logo

ළාබාලතම කතක් තායිලන්තයේ අගමැති ධූරයට



තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස් වූ ධූරයට පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාලක පක්ෂය විසින් ඇයගේ නම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර ඊට බහුතර අනුමැතිය හිමි වූ බවයි.

මේ වන විට ඇය 37 වන වියේ පසුවන අතර තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ළාබාලතම මෙන්ම එම ධූරයට පත් වූ දෙවන කාන්තාව ද ඇය වීම විශේෂත්වයක්.

(colombotimes.lk)