10 January 2026

logo

සජිත්ගේ සහයට තවත් සංගමයක්



සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සහ තම සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම හෙට (29) කොළඹදී සිදු කරන බවයි එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ කියා සිටියේ.

ඊයේ (27) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)