17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 19ක් තවමත් නිහඬයි



ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනෙක් පමණ තවමත් කිසිදු ප්‍රචාරක කටයුත්තක නිරත වී නොමැති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඇතැම් අපේක්ෂකයන් පක්ෂ කාර්යාලයක් හෝ පිහිටුවා නොමැති බවයි.

එමෙන්ම අපේක්ෂකයන් දස දෙනෙක් පමණක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමට ගුවන් කාලය ලබාගෙන තිබෙන බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)