10 January 2026

logo

මාලිමා ආණ්ඩුවකින් රටේ ප්‍රතිපත්තිවලට කරන දේ අනුර කියයි



රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
 
නාවලපිටියේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.  

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ වැරදි ප්‍රතිපත්තියක් බවත් එය වහාම වෙනස් කර රටේ කීර්තිමත් ප්‍රතිරූපය නඟා සිටුවීමට මාලිමා ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවයි.  

(colombotimes.lk)