17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


හිටපු අමාත්‍ය මර්වින්ගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අමාත්‍ය මනූෂ නානයක්කාර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා දිවයින පුරා සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කොළඹ හෝටලයකට අද (06) කැඳවීම හේතුවෙන්.

ඔහු සඳහන් කළේ එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවයි.

එමෙන්ම මේ සඳහා දිවයින පුරා සිටින මාධ්‍යවේදීන් කොළඹට කැඳවා ගැනීමට ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර ඔවුන්ට ආහාරපානද සපයා තිබෙන බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)